
- ජෙනරාල් ජගත් ජයසූරිය
තමන්ට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක නඩු පවරා ඇතැයි දැනගන්නට ලැබුණද මේ දක්වා ශ්‍රී ලංකා රජය ඒ ගැන කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා (දේශයට) පැවසීය.
තමන් යුද සමයේ වන්නි ආඥාධිපති ලෙස ඉතා ප්‍රයෝජනවත් ජාතික මෙහෙවරක් ඉටුකළ බවත් මේ ආකාරයට හදිසියේ යුද අපරාධ චෝදනා එල්ල කිරීම ගැන තමන්ට සිතා ගැනීමට නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
යුද සමයේ යුද හමුදාවට අණදුන්නේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා බවට එතුමා විසින්ම ප්‍රකාශ කර ඇති බවත් එවැනි චෝදනාවක් ඇත්නම් මුලින්ම විමසිය යුත්තේ එතුමාගෙන් බවත් ජනරාල්වරයා පැවසීය.
බ්‍රසීල තානාපති වශයෙන් තමන් ඉතා වැදගත් මෙහෙයක් ඉටුකළ බැවින් තමන්ගේ නිල කාලය නැවතත් දීර්ඝ කරනු ඇතැයි සැකයෙන් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව තමන්ට මේ නීතිමය උගුල අටවන්නට ඇතැයි සැකකරන බවත් ඒ මහතා කීය.