
දේශපාලන වාර්තාකරු |
ආණ්ඩුවෙන් ඉවත්වනවා යැයි ප්‍රකාශිත ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් හා ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පසුගිය අඟහරුවාදා ඇමැති මණ්ඩල රැස්වීමෙන් පසුව පවත්වා තිබේ.
ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ගණනාවක් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී ජෝන් සෙනවිරත්න මහතා කියා ඇත්තේ මහපොළොවේ සැබැවින්ම ක්‍රියාත්මක වන දේශපාලන යථාර්ථය අනුව තවදුරටත් එ.ජා.පයත් සමඟ රජයේ ඇමැති ධුර දරමින් ක්‍රියා කිරීම අපහසු බවයි. මෙම දේශපාලන යථාර්ථයට අවනත නොවුණහොත් ඉදිරි මැතිවරණවලදී පක්ෂයට පරාජය අත්වනු ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ. සෙසු ඇමැතිවරුන් ද ඊට සමාන අදහස් දක්වා ඇත.
එවිට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ලබන 03 දා පැවැත්වෙන පක්ෂ මහා සමුළුවෙන් පසු තමන් කිසියම් වැදගත් තීන්දුවක් ගන්නා බැවින් ඉවසා සිටින ලෙසයි.