2017 අගෝස්තු 26 වන සෙනසුරාදා

ඇමැති තුනකට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්

 2017 අගෝස්තු 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1055

දේශපාලන වාර්තාකරු |

රජයේ ශ්‍රී.ල.නි.ප ඇමැතිවරුන් තිදෙනෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රීන් තීරණය කර තිබේ. එහි ප්‍රථම පියවර ලෙස අමාත්‍යවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය දෝෂ දර්ශනයට ලක් කරමින් පසුගියදා ජනාපධිතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව දේශයට වාර්තා වෙයි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ට එරෙහිව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි සඳහන්ය.

ඔවුන් රජය තුළ සිටිමින් රජයත් රජයේ ඇතැම් අමාත්‍යවරුන්ටත් එරෙහිව චෝදනා නැගීමෙන් ආණ්ඩුව ජනතාව අතර දිනෙන් දින අප්‍රසාදයට පත්වන බැවින් මෙම පියවර ගැනීමට ඔවුහු තීන්දු කළෝය.

මේ අය ගැන ජනාධිපතිවරයා ගනු ලබන ක්‍රියාමාර්ග නිරීක්ෂණයෙන් පසුව ඔවුන්ගේ ඊළඟ පියවර නිවේදනය කරන බව එ.ජා.ප. මන්ත්‍රීවරයෙක් (දේශයට) කීය.

 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00