වත්මන් ආණ්ඩුවේ ගමන සහමුලින්ම වැරදි බවත් ආණ්ඩුව තුළ නායකයන් වැඩිවීම නිසා බරපතළ අවුල් සහගත තත්ත්වයක් ඇතිවී ඇති බවත් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දේශයට පැවසීය. බැඳුම්කර අර්බුදය මෙන්ම සයිටම් අර්බුදයද ආණ්ඩුව විසින් වවාගත් ප්‍රශ්න බව පැවසූ ඇමැතිවරයා බැඳුම්කර සිද්ධිය ගැන කෙරෙන පරීක්ෂණවලදී ඒ ගැන නම සඳහන් වී ඇති සෙසු අමාත්‍යවරුද කොමිසම හමුවේ පෙනී සිටිය යුතු බව ප්‍රකාශ ක ෙළ්ය.
බැඳුම්කර කොමිසමේ නීතිඥවරුන්ට දොස් කීම හෝ බැණීම වැරදි බව කී අමාත්‍යවරයා එසේ බණින දොස් කියන අය පෙන්වන්නේ තමන්ගේ නොහැකියාව සහ නොදන්නාකම බවද පැවසීය.
සයිටම් අර්බුදය බරපතළ අපරාධයක් සහ බොරුවක් බවට පත්වී ඇතැයි කී අමාත්‍යවරයා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගත්තා යැයි කීම විශාල බොරුවක් බව වැඩිදුරටත් සඳහන් කළේය.
රාජිත සේනාරත්න අමාත්‍යවරයා තමන් දන්නා දෙයක් කතා කිරීමට පරිස්සම් විය යුතු බව ප්‍රකාශ කළ ප්‍රේම්ජයන්ත මහතා නීතිඥයන් ක්‍රියාකළ යුතු ආකාරය දොස්තරලා දන්නේ නැතැයිද පැවසීය. පැවති මහින්ද රාජපක්ෂ රජය ඉදිකළ හම්බන්තොට පිහිනුම් තටාකය විකුණා රජය දැවැන්ත මුදල් සම්භාරයක් ලබාගන්නට යන බවත් මේ ආණ්ඩුව පැමිණියේ සියලු දේවල් විකිණීමට බවත් අමාත්‍යවරයා කීය. ආණ්ඩුව අද මෙහෙයවන්නේ එක්සත් ජාතික පක්ෂයේ අදහස් උදහස්වලට අනුව බැවින් ශ්‍රීලනිප මතයට කන් නොදී තමන් හිතූ හිතූ දේ කරනා බවද අමාත්‍යවරයා පැවසීය.
මේ ආකාරයට වත්මන් රජයට ඉදිරි ගමනක් නැතැයි කී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවට වැඩ බැරි බවට තහවුරු කර ඇති බවද සඳහන් කළේය.
ගයාන් ගාල්ලගේ |