2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් පාඩුව දැන් ඩබල්

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52


2016 වසරේ මුල් මාස 4ට සාපේක්ෂව 2017 වසරේ මුල් මාස 4 තුළ ශ්‍රීලන්කන් එයාර් ආයතනය ලැබූ පාඩුව 55%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යවරයා මැතිසබයට ඉදිරිපත් කළ වසර මැද මූල්‍ය වාර්තාව මගින් පෙන්වා දෙයි.

එහි දැක්වෙන අන්දමට 2016 වසරේ පළමු මාස 4 තුළ ශ්‍රීලන්කන් එයාර් සමාගම ලැබූ අලාභය රුපියල් මිලියන 6125කි. එය 2017 වසරේ මුල් මාස 4 තුළ රුපියල් මිලියන 9522ක් දක්වා 55%කින් ඉහළ ගොස් තිබේ. 2017 වසරේ අප්‍රේල් 30 වනවිට ශ්‍රීලන්කන් සමාගම මෙතෙක් ලබා ඇති සමස්ත අලාභය රුපියල් බිලියන 170ක් බවද එහි සඳහන්ය.

සංජීවිකා සමරතුංග |