2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

අලුත් මුස්ලිම් පෙරමුණේ නීති හදයි

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 153


අලුතෙන් ලියාපදිංචි කිරීමට යන මුස්ලිම් ජාතික දේශපාලන සන්ධානයේ ව්‍යවස්ථාව සැකසීම මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මුස්ලිම් කොංග්‍රසය හැර දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන පක්ෂ හතරක් මෙම සන්ධානය හා එක්වීමට කැමැත්ත පළකර ඇතැයි පැවසූ හෙතෙම මෙම සන්ධානය තනි නායකයකුගෙන් තොරව නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය කෙරෙනු ඇතැයි පැවසීය. 

එය මසුරා කවුන්සිල් නමින් හැඳින්වෙයි. දැනටමත් මෙම සන්ධානය සඳහා හසන් අලි, බසීර් සේගුදාවුඩ්, එම්.එල්.ඒ.එම්. අතාවුල්ලා හා රිෂාඩ් බදුයුදීන් යන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් එක්වීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ. මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතාටද ඊට එක්වන ලෙස ඇරියුමක් යවා ඇතත් ඔහු මෙතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි හෙතෙම පැවසීය.

මුස්ලිම් කොංග්‍රසයේ හිටපු මහලේකම් හසන් අලි මහතා මෙම සන්ධානයේ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමට පත්කර තිබේ. සන්ධානයේ ප්‍රධාන අරමුණ නැගෙනහිර මුහුදුබඩ දිස්ත්‍රික්කවල මුස්ලිම් පරිපාලන කලාපයක් ලබාගැනීමට සටන් කිරීම බව ඔහු වැඩිදුරටත් කීය. 

I සංජීවිකා සමරතුංග