
I සංජීවිකා සමරතුංග
පසුගිය කාලය පුරා දැඩි විරසක භාවයකින් කටයුතු කළ දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් මහතා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. විග්නේෂ්වරන් මහතා පෞද්ගලික සාකච්ඡාවකින් පසු සමගි වී ඇතැයි උතුරේ ආරංචි මාර්ග කියයි.
මෙම සමගි සන්ධාන සාකච්ඡාව පවත්වා ඇත්තේ සම්පන්දන් මහතාගේ කොළඹ නිවසේදීය. මීට දින ගණනාවකට පෙර පුරා දෙපැයක් සම්පන්දන් හා විග්නේෂ්වරන් එක් වී, පැවැති ප්‍රශ්න ගැන තනිව සාකච්ඡා කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් දෙදෙනා මින් ඉදිරියටත් ඒකාබද්ධව දේශපාලන කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මෙම නායකයන් දෙදෙනාගේ සුහද හමුව සංවිධානය කිරීම පිටුපස බලවත් ආසියාතික රටක් සිටි බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.