
| සංජීවිකා සමරතුංග
ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් පසු එ.ජා.පයට හෝ ශ්‍රී.ල.නි.පයට තනිව බලය ලබාගත නොහැකි පළාත් පාලන ආයතනවල දෙපක්ෂය එක්ව හවුල් පාලනයක් පිහිටුවීම ගැන නිල නොවන සාකච්ඡා ආරම්භ වී ඇතැයි දේශයට වාර්තා වෙයි.
එම ක්‍රමය මඟින් සම්මුතිවාදි පළාත් පාලනයක් ගෙනයාම අරමුණ බව ඉහළපෙළේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අතර ඒකාබද්ධ විපක්ෂය පසුගියදා කරන ලද විශේෂ අධ්‍යනයකදී හෙළිදරව් වූ තොරතුරු පදනම් කරගෙන පළාත් පාලන ආයතන ගණනාවක් සඳහා වැඩි බරක් යොදවමින් සංවිධාන කටයුතු දියත් කිරීමට තීන්දු කළේය. කොළඹ මහනගර සභාව, දෙහිවල මහනගර සභාව, මීගමුව මහනගර සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව ආදී පළාත් පාලන ආයතන ගණනාවකට මෙලෙස වැඩි බරක් යොදවනු ඇතැයි සඳහන්ය.