2017 ජුලි 29 වන සෙනසුරාදා

හම්බන්තොට ගිවිසුමට ඉන්දියාවෙන් විමසුමක්

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

I දේශපාලන වාර්තාකරු

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමට අදාළ ගිවිසුමේ වගන්ති කඩිනමින් පැහැදිලි කරගෙන ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයට දන්වන ලෙස එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතාට දැනුම්දී ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචික පවසයි.

විශේෂයෙන් එමඟින් කලාපීය ආරක්ෂාවට බලපෑමක් වේද යන්න ගැන විධිමත් වාර්තාවක් අවශ්‍යයැයිද දැනුම් දී තිබෙන බව සඳහන්ය. මේ ගිවිසුම සම්බන්ධව ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇතිකරගත් එකඟතාවන්ද සැලකිල්ලට ගෙන ගිවිසුම සකස් වී ඇත්ද යන්න විශේෂයෙන් විමසා බැලිය යුතු බවටද අග්‍රාමාත්‍ය කාර්යාලය උපදෙස් දී ඇතැයි වාර්තා වේ.