2017 ජුලි 22 වන සෙනසුරාදා

ඉන්ටර්නෙට් බද්දට මංගලගෙන් සහන

 2017 ජුලි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 129


අන්තර්ජාල (ඉන්ටර්නෙට්) සඳහා පසුගිය අයවැයෙන් හිටපු මුදල් අමාත්‍යවරයා නියම කළ බදු වැඩි කිරීම අත්හිටුවීමට වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තීන්දු කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

අන්තර්ජාලය භාවිතයේදී කලින් පැවති 10%ක දුරකතන බද්ද 25%ක් දක්වා පසුගිය අයවැය මගින් ඉහළ දැමිණි. එහෙත් දැන් පාසල් දරුවන් මෙන්ම සරසවි සිසු සිසුවියන්ටද මෙම ඉහළ බදු නිසා අන්තර්ජාල භාවිතය බරපතළ ප්‍රශ්නයක්ව තිබේ. ඒ නිසා කලින් පැවති 10%ක පමණ බදු අනුපාතය යළිත් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය සමරවීර මහතා දැන් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.  

I සංජීවිකා සමරතුංග