
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය තරගවදින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශයට පැවසීය.
ඒ සඳහා මෙතෙක් සන්ධානය සමඟ සිටි සියලු පක්ෂ සමඟ සාකච්ඡා කොට නැවත සන්ධානය බලවත් කර මැතිවරණයට මුහුණ දෙන බව හෙතෙම සඳහන් කළේය.
එසේම නව පක්ෂද සන්ධානයට හවුල්කර ගැනීම සඳහා ඉදිරියේදී සාකච්ඡා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ ඉදිරි මැතිවරණ සඳහා අත ලකුණින් තරඟ කරන බවය.
I ගයාන් ගාල්ලගේ