2017 ජුලි 08 වන සෙනසුරාදා

ජනපති ධූරයට අලුත් යෝජනාවක්

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 51


නව ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නාමමාත්‍රික ජනාධිපතිවරයකු පත් කරන්නේ නම් එම පත් කිරීම පාර්ලිමේන්තුවේ සහ පළාත් සභා එකඟත්වය මත සිදුකිරීමට නව යෝජනාවක් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව යෝජනා වී ඇත්තේ පාර්ලිමේන්තුවෙත් පළාත් සභාවෙත් බහුතර කැමැත්ත මත ජනාධිපතිවරයා පත් කිරීම සිදුකරන බවකි. කෙසේ වෙතත් එම නාමමාත්‍රික ජනාධිපතිවරයාට ලබාදිය යුතු බලතල කවරේද යන්න සම්බන්ධව තවමත් නිශ්චිත එකඟතාවයකට එළඹ නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

ගයාන් ගාල්ලගේ I