2017 ජුලි 08 වන සෙනසුරාදා

ස්ථාවර පොලිය උඩ යයි

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 209


බැංකු පොලී අනුපාතය දිගින් දිගටම ඉහළ යමින් තිබේ. ස්ථාවර තැන්පතු සඳහා වාණිජ බැංකු විසින් ගෙවනු ලබන පොලී අනුපාත වාණිජ බැංකු විසින් තරගකාරී ලෙස ඉහළ නංවමින් තිබෙන බව දේශය කළ නිරීක්ෂණයකින් පැහැදිලි විය.

වසර 5ක කාලයක් බලපවත්වන ස්ථාවර තැන්පත් ගිණුම් සඳහා මේ සතියේ සිට 18% ඉහළ පොලියක් ගෙවන බව ඇතැම් වාණිජ බැංකු විසින් නිවේදනය කෙරිණි. ඊට අමතරව බොහෝ වාණිජ බැංකු දීර්ඝ කාලීනව කෙරෙන මෙබඳු මූල්‍ය තැන්පතු සඳහා 16% හෝ 17%ක් වැනි පොලී අනුපාතයක් නියමකර ඇත. පිළිගත් මූල්‍ය සමාගම්ද (ෆිනෑන්ස් කොම්පැණි) මේ හා යමින් ඉහළ පොලී අනුපාත නියම කරන්නට පටන්ගෙන තිබේ.  මේ නිසා රටේ සමස්ත පොලී අනුපාත දිගින් දිගටම වර්ධනය වෙයි. ඊට සමගාමීව ණය සැපයීමේදී හා බැංකු අයිරාවලදී බැංකු විසින් අය කරන පොලී අනුපාතයද ඉහළ යමින් ඇත. දැන් ඇතැම් බැංකු සහ මූල්‍ය සමාගම් ණය සපයන්නේ 21% හෝ 22% තරම් ඉහළ පොලී අනුපාතයකටය.

I ව්‍යාපාරික වාර්තාකරු