දේශපාලන වාර්තාකරු I
දැනට වසර අටක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත්තේ ඊට අදාළ මැතිවරණ නීතිය සංශෝධනය නොවීම නිසා බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දේශයට පැවසීය.
පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය එම නීති සංශෝධනය ගෙන ආ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කීය. මේ බව අදාළ වගකිවයුතු අංශවලට දැනුම් දී ඇතත් මේ දක්වා එම සංශෝධනය පාර්ලිමේන්තුව විසින් සම්මත කර නොමැති නිසා මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නොමැති බව හෙතෙම අවධාරණය කළේය.