රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු I
ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට පනවන ලද අන්‍යෝන්‍ය තීරු බද්ද 30% සිට 20% දක්වා අඩුකර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ අලුත් බදු නිවේදනය අනුව ශ්‍රී ලංකාවට 20% ක තීරු බද්දක් සමඟ 10% ක පදනම් බද්දක් ක්‍රියාත්මක කරන බව දන්වා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට බලපාන සමස්ත බදු අනුපාතය 30% කි.
මීට අමතරව ඉන්දියාවට 25% ක්, කාම්බෝජයට සහ පාකිස්ථානයට 19% ක්, වියට්නාමයට සහ තායිලන්තයට 20% ක්, මියන්මාරයට 40% ක්ද ආදී වශයෙන් බදු පනවා තිබේ.
ශ්‍රී ලංකාව වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 1900 ක පමණ ඇඟලුම් ඇමෙරිකාවට අපනයනය කරයි. කලින් මේ අපනයන සඳහා අය කළේ 10% ත් 15% ත් අතර බදු අනුපාතයකි.