2017 ජුලි 01 වන සෙනසුරාදා

බීමයි දුමයි ආදායම් බස්සයි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 190


2017 වසරේ ප්‍රථම කාර්තුව සඳහා මුදල් ඇමැති ඉදිරිපත් කළ ආදායම් වාර්තාව අනුව මත්පැන් සහ දුම්වැටි බදු ආදායම් පහළ වැටී ඇති බව අනාවරණය වේ.

මෙලෙස සුරා බදු ආදායම අඩුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ 2016 අයවැය ලේඛනය අනුව සුරාබදු බලපත්‍ර ගාස්තු රුපියල් මිලියනයේ සිට මිලියන 100 දක්වා වැඩිකිරීම සහ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර ගාස්තු රැපියල් 50,000 සිට මිලියන 50 දක්වා ඉහළ නැංවීම බව ඇමැතිවරයා පෙන්වා දෙයි. බදු ආදායම ඉහළ නැංවීම සඳහා මෙම බලපත්‍ර ගාස්තු දෙවර්ගයම පෙර තිබූ ප්‍රමාණයට පහළ දැමිය යුතු බවට ඇමැතිවරයා යෝජනා කර තිබේ.

ප්‍රථම කාර්තුව සඳහා වූ මුදල් ඇමැතිගේ වාර්තාව අනුව ආදායම් බදු එකතුවීම මඳ ප්‍රමාණයකින් පහළ වැටී ඇති අතර වැට් සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඇස්තමේන්තු ඉක්මවා ඉහළ නැග ඇති බව සනාථ වේ.

ඇඩික් ආයතනයේ වැඩසටහන් නිලධාරි අසිත දර්ශන පවසන්නේ කසිප්පු භාවිතය අඩු කිරීමට යැයි කියමින් බියර් මිල පහළ දැමීම අසාර්ථක උත්සාහයක් වන අතර එය ජනාධිපතිවරයාගේ මතින් තොර රටක් සංකල්පයට මුළුමනින්ම විරුද්ධ බවයි. 1995 වසරේදීද මෙලෙස බියර් මිල පහළ දැමුවද එයින් සිදුවූයේ බියර් පාවිච්චිය සියයට 50කින් ඉහළ යාම මිස කසිප්පු භාවිතය අඩු නොවීම බවද ඔහු කියයි.

| යසවර්ධන රුද්රිගු