2025 ජුලි 26 වන සෙනසුරාදා

මෙන්න පවුලේ බද්ද!

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 190

යසවර්ධන රුද්රිගූ I

2023 වසරට වඩා 2024 වසරේදී ශ්‍රී ලංකාවේ හතර දෙනකුගෙන් යුත් පවුලක් වක්‍ර බදු වශයෙන් රුපියල් එක්ලක්ෂ හැත්තෑහය දහස් අටසිය හතළිස් එකක (රු. 1,76,841) මුදලක් ගෙවන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සනාථ කරයි. හතර දෙනකුගෙන් යුත් පවුලක් 2023 වසරේදී රුපියල් තුන්ලක්ෂ තුන්දහස් අටසිය හැටක් (රු. 3,03,860) බදු වශයෙන් ගෙවූ අතර එම පවුලට 2024 වසරේදී රුපියල් හාරලක්ෂ අසූදහස් හත්සිය එකක් (රු. 4,80,701) වක්‍ර බදු වශයෙන් ගෙවීමට සිදුව තිබේ.

එක පවුලක් මාසයකට ගෙවන වක්‍ර බද්ද රුපියල් විසිපන්දහස් තුන්සිය විසි එකකි (රු. 25,321). ඒ 2023 වසරේදීය. 2024 වසරේදී එම පවුලට මසකට රුපියල් හතළිස්දහස් පනස් අටක (රු. 40,058) බද්දක් ගෙවීමට සිදුව තිබේ. මේ අනුව 2024 දී රුපියල් දාහතරදහස් හත්සිය තිස් හතක් (14,737) වැඩියෙන් බදු ගෙවීමට සිදුව ඇති බව පෙනේ.

2024 වසරේදී රාජ්‍ය සේවකයකුට රුපියල් 10,000 ක දීමනාවක් රජය ලබා දුන්නද එයින් බදු අඩුකළ විට අතට ලැබෙන්නේ රුපියල් 6400 ක මුදලකි. එහෙත් හතර දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් දාහතරදහස් හත්සිය තිස් හතක් (14,737) වැඩිපුර ගෙවන්නට සිදුවීම හේතුවෙන් වැඩි වූ රුපියල් 6400 අඩු වූ විට රුපියල් 8337 ක් මසකට අතින් ගෙවන්නට සිදුව ඇති බව පැවසෙයි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00