2025 ජුලි 26 වන සෙනසුරාදා

නිලන්ත ජයවර්ධනට අපරාධ නඩු! නීතිපති පොලිස් වාර්තා සියල්ල කැඳවයි

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 118

අධිකරණ වාර්තාකරු I

නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධව පොලිසියේ ඇති පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු‍ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා පොලිස්පතිවරයා වෙත මේ සතියේ ලිඛිතව දැනුම් දී ඇතැයි දේශයට වාර්තා වේ.

නිලන්ත ජයවර්ධන මහතාට අදාළව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අදාළ වාර්තා සහ සාක්ෂි සටහන් මෙලෙස ඉල්ලා ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එම වාර්තා සහ සාක්ෂි සටහන් අධ්‍යයනයෙන් පසු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමට අදාළව ඉදිරි පියවර ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්ය.