2025 ජුලි 19 වන සෙනසුරාදා

ලෝකයේ පිරිමි හිඟයක්?

 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 168

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

එක්සත් ජාතීන්ගේ ජනගහන වාර්තාව අනුව 2025 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 23,231,193 කි. ඒ අනුව ලොව වැඩිම ජනගහනය සිටින රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 60 වැනි ස්ථානයේය. මෙම ජනගහනයෙන් මිලියන 11.99 ක් ( 51.63%) කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව මිලියන 11.24 (48.37%) කි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් 100 කට සිටින පිරිමින් සංඛ්‍යාව 93.698 කි. ඒ ආකාරයට ලොව පුරා පිරිමින්ගේ දැඩි හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 පළමු කාර්තුවේ ජන විකාශන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ. බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 5.6 ක් කාන්තාවන් වන අතර පිරිමි ජනගහනය බිලියන 2.2 ක් පමණි.

ඒ ආකාරයට ලොව පුරා පිරිමින්ගේ දැඩි හිඟයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය 2025 පළමු කාර්තුවේ ජන විකාශන වාර්තාව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර තිබේ.

බිලියන 7.8 ක් වන ලෝක ජනගහනයෙන් බිලියන 5.6 ක් කාන්තාවන් වන අතර පිරිමි ජනගහනය බිලියන 2.2 ක් පමණි.
එම සංඛ්‍යාවෙන් බිලියනයක් විවාහකයන්ය. මිලියන 130 ක් සිරගතව සිටිති. මිලියන 70 ක් මානසික රෝගීන්ය. ඒ අනුව විවාහයට සුදු පිරිමින් සංඛ්‍යාව බිලියන එකක් පමණ වන පිරිසකි. එම බිලියන එකෙන් 50% ක් රැකියා විරහිතයන්ය. 3% ක් සමලිංගිකයන් වන අතර 5% ක් කතෝලික පූජකවරුන්ය. 10% ක් ඥාතීන් වන අතර 32% ක් වයස අවුරුදු 60 ට වැඩිවූවෝ වෙති.

එබැවින්, ඕනෑම පිරිමියකු කෙරෙහි කාන්තාවන් තම චෛතසික ස්වභාවය පෙන්වීමේදී ඥානාන්විතව කටයුතු කළ යුතු බවට හා විවාහක සහ තනිකඩ කාන්තාවන් යන දෙපිරිසම පිරිමින්ට ගෞරවයෙන් සැලකිය යුතු බවට එම වාර්තාව අනතුරු අඟවා තිබේ.