2017 ජුලි 01 වන සෙනසුරාදා

ඇපැල් විනිසුරු පුරප්පාඩුවට නම් 5ක් ඉල්ලයි

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64


අභියාචනාධිකරණයේ දැනට පුරප්පාඩුව තිබෙන විනිසුරු පදවි පහ සඳහා සුදුස්සකු තෝරාගැනීමට සුදුස්සන්ගේ නම් 5ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එවන ලෙස එම සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා පසුගිය කාලයේ එක් ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරයකුගේ නම ව්‍යවස්ථා සභාවට යොමුකර තිබුණත් එම නම පමණක් පිළිගත නොහැකි බව තීන්දු කළ ව්‍යවස්ථා සභාව විනිසුරුවරුන් තිදෙනා තෝරාගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් හා නීතිපති දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨයන්ගේ නාම යෝජනාද අපේක්ෂා කරන බව දැනගන්නට තිබේ. එය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්ටර් ජනරාල් ජනක්ද සිල්වා මහතාගේ නම යෝජනා කර තිබේ.

| අධිකරණ වාර්තාකරු