දේශපාලන වාර්තාකරු I
2019 අප්‍රේල් මස සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා පාර්ලිමේන්තු විවාද 13 ක් පවත්වා තිබේ. මෙම විවාද 13 ම සභාව කල් තැබීමේ විවාද බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් මුල්ම විවාදය පවත්වන ලද්දේ 2019/05 /07 දාය. ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසිනි. යෝජනාව ස්ථීර කළේ එවකට රාජ්‍ය අමාත්‍යවරයකු වූ නිමල් ලංසා මහතාය.
එම ආරම්භක විවාදයෙන් පසුව තවත් වාර 12 ක් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු විවාද පවත්වා තිබේ. එලෙස කොතරම් විවාද පැවැත්වුවද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කියා හඳුන්වන තැනැත්තා හෝ තැනැත්තන් මෙතෙක් හෙළිදරව් වී නැත.