2017 ජුලි 01 වන සෙනසුරාදා

රු. 2500 දඩේ ලක්ෂ 50ක් කරන ඉල්ලීම හබක්

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44


විදේශ විනිමය පාලනය නීතිය යටතේ සිදුවන වංචා සඳහා පැරැණි නීතිය යටතේ නියම කර තිබූ රුපියල් 2500ක දඩ මුදල ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය කළ යෝජනාවක් ඉටු කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

කාලයක් තිස්සේ රුපියල් 2500කට තිබූ දඩ මුදල රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පසුගිය අයවැය මගින් යෝජනා කර සම්මත කර ගැනුණි. 

එම යෝජනාව ක්‍රියාත්මක කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වන අතර ඒ සඳහා මුදල් අමාත්‍යංශය මහ බැංකුවට ලිඛිත දැනුම්දීමක් සිදුකළේ පසුගියදාය.

ඊට පිළිතුරු එවූ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු සඳහන් කර තිබුණේ එය අයවැය යෝජනාවක් වුවද විනිමය පාලන පනත සංශෝධනය නොකර ක්‍රියාත්මක කළ නොහැකි බවය. එනිසා අයවැය සම්මත වී මාස 06ක් ඉක්මගොස් ඇතත් විනිමය පාලන පනත යටතේ වැඩි කළ දඩය තවදුරටත් රු. 2500 මට්ටමේම පවතින බව මුදල් අමාත්‍යංශය පවසයි.

I සංජීවිකා සමරතුංග