2025 ජුනි 28 වන සෙනසුරාදා

අපරාධ කල්ලි 52ක් රට පුරා බරටම වැඩ

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

ගයාන් ගාල්ලගේ I

මෙරට සංවිධානාත්මක සක්‍රීය අපරාධ කල්ලි 52 ක් වර්තමානය වනවිට හඳුනාගෙන ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය. වැඩිම සංවිධානාත්මක කල්ලි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත තුළ බව ද හෙතෙම කීය.

එම සංවිධානාත්මක කල්ලි 52 ම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවෙන බවට මේ වනවිට අනාවරණ වී ඇත. කෙසේ වෙතත් මේ සෑම කල්ලියක්ම කාලයක් එකට කටයුතු කර පසුව මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ගැටුම් හේතුවෙන් වෙන්වූ අය බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය. ඇතැම් කල්ලි වෙඩි තබාගැනීම් සිද්ධ කරන්නේ ද ඒ හරහා බව සඳහන්ය.

මේ අතර වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව විවිධ වැරදිවලට අදාළව පොලිසියේ 100 කට ආසන්න පිරිසකගේ වැඩ තහනම් වී ඇති බවද සඳහන්ය. විවිධ විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි සහ සාක්ෂි ලැබීමත් සමඟ මෙලෙස සේවය අත්හිටුවා ඇත.