2025 ජුනි 28 වන සෙනසුරාදා

ඊශ්‍රායලයේ රස්සා උතුරයි

 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 132

ගයාන් ගාල්ලගේ I

ඊශ්‍රායල ඉරාන යුද්ධය නිමවීමත් සමඟ ඊශ්‍රායලය තුළ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා දහස් ගණනාවක් ඉදිරියේදී අලු‍තින් නිර්මාණය වීමට නියමිත බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දේශයට පැවසීය.

යුද්ධය හේතුවෙන් විනාශ වූ ගොඩනැගිලි සංවර්ධනය කිරීම සඳහා විශාල වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව මේසන්වරුන්, වැල්ඩින්වරුන්, වඩු කාර්මිකයන්, පින්තාරුකරුවන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා නිර්මාණය වනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

ශීඝ්‍රයෙන් මෙම සංවර්ධන කටයුතු ආරම්භ වන නිසා ඉදිරියේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මැදිහත් වන බව ද බණ්ඩාර මහතා කීය.