දේශපාලන වාර්තාකරු I
මැදපෙරදිග බරපතළ යුද ගැටුමේ පාර්ශ්වකරුවකු වන ඉරාන රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයකු නොමැති බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස විදේශ සේවයේ එන්.එම්. සහීඩ් මහතා පත් කරනු ලැබීය.
එහෙත් ඉන් මාස හතරකට පසු නැවතත් ඔහු ශ්‍රී ලංකාවට කැඳවීමට පියවර ගෙන ඇත. එබැවින් දැන් ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයකු හෝ නියෝජ්‍ය තානාපතිවරයකුවත් සේවය නොකරන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
තානාපති කාර්යාලයේ මේ වන විට සේවය කරන්නේ ලිපිකරුවන් හතර දෙනෙක් සහ ඉරාන ජාතිකයන් හතර දෙනෙක් ඇතුළුව අට දෙනෙක් පමණි. එයින් දෙදෙනකු රියැදුරෝ වෙති.
බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පවත්නා යුද වාතාවරණය තුළ ඉරානයේ සිටින්නේ ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙක් පමණක් බවයි. පවත්නා යුද තත්ත්වය නිසා මෙතෙක් ටෙහෙරානයේ ක්‍රියාත්මක වූ තානාපති කාර්යාලය ඉවත් කර වෙනත් ස්ථානයක පිහිටුවා ඇති බව ද සඳහන්ය.