2025 ජුනි 07 වන සෙනසුරාදා

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද නැවත ක්‍රියාත්මකයි!

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 96

දේශපාලන වාර්තාකරු I

පසුගියදා ඇමෙරිකාවේ ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය විසින් තහනම් කරන ලද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු යළිත් ක්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට නැවතත් අවසර ලැබී ඇති බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කළේය. මේ සම්බන්ධව ධවල මන්දිරය ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා බැලූ එරට අභියාචනාධිකරණය ඊට අදාළ අවසරය ලබා දී තිබේ. එහෙත් එරට ප්‍රාන්ත ආණ්ඩු දොළහක් සහ නිව්‌යෝර්ක් නීතිපතිවරයා ඇතුළු ප්‍රබල චරිත රැසක්ම ජනාධිපතිවරයාගේ මෙම බදු ක්‍රමය අනුමත කර නැත.

තාවකාලිකව මාස තුනකට අත්හිටුවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රමය නැවත සක්‍රිය වුවහොත් ලංකාවේ අපනයන සඳහා ද 54% ක තීරු බද්දක් ක්‍රියාත්මක වෙයි. එය මෙරට ඇඟලු‍ම් කර්මාන්තය ඇතුළු ව්‍යාපාර රැසකටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.