2025 මැයි 24 වන සෙනසුරාදා

බස්නාහිර සහ දකුණේ ඝාතන රැල්ලක්!

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 131

දේශපාලන වාර්තාකරු I

2022 වසරේ සිට මේ වසරේ මාර්තු 31 දක්වා ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් ඝාතන රැල්ලක් දියත් වෙමින් පවත්නා බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ නවතම වාර්තාවක දැක්වෙයි.

එම කාලය තුළ මෙරට වෙඩි තැබීම් 349 ක් සිදුව ඇති අතර ඒවායින් මනුෂ්‍ය ඝාතන 238 ක් සිදුව ඇති බවද මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි.

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මෙම වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන බහුලව සිදුවන බවද සඳහන්ය. පසුගිය කාලයේ සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සලකා බලන විට ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ සහ අහුංගල්ල පොලිස් වසම් තුළ මෙම තත්ත්වය බරපතළ බව බී.බී.සී වාර්තාව වැඩිදුරටත් කියයි.