දේශපාලන වාර්තාකරු I
1947 ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු එරට අගවිනිසුරු ධූරයට ප්‍රථම වරට බෞද්ධ නීති විශාරදයෙක් පත් කර තිබේ. ඒ අනුව පසුගිය 14 දා සිට ඉන්දියාවේ අගවිනිසුරුවරයා ලෙස පත්ව ඇත්තේ භූෂාන් රාමකෘෂ්ණා ගවයි මහතාය.
ඔහු නිදහස් ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරුවරයා වෙයි. නව ධූරයට පත්වීමට පෙර හෙතෙම වසර හයක් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ක්‍රියා කළේය. ඊට පෙර එරට අද්වකාත් ජනරාල්වරයා වශයෙන්ද කටයුතු කර ඇති නව අගවිනිසුරුවරයා ඉන්දියාවේ නීති ක්ෂේත්‍රයේ උසස්ම තනතුරකට පත් වූ දෙවැනි බෞද්ධයා ලෙස සැලකේ.
මීට පෙර ඉන්දියාවේ ප්‍රථම නීති කටයුතු අමාත්‍යවරයා ලෙස පත්වූයේ බෞද්ධ නායකයකු වූ ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කාර් මහතාය. දැනට ඉන්දියාවේ භාවිත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළේ ද ඔහු විසිනි.