2025 මැයි 10 වන සෙනසුරාදා

මූල්‍ය අරමුදලෙන් තවත් නියමයක්!

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 102

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකාව සමඟ විස්තීර්ණ ණය වැඩසටහනක නියුතුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ණය සැපයීමට තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව චීනය විසින් ඉදිකරන ලද පෝට්සිටි ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරන ආයෝජකයන් දිරිගැන්වීම සඳහා දැනට පිරිනමා ඇති සියලු‍ බදු සහන අහෝසි කරන ලෙස දන්වා තිබේ. මේ ආකාරයට බදු සහන පිරිනැමීමෙන් රජය අපේක්ෂා කරන වාර්ෂික මූල්‍ය ඉලක්ක සපුරාගත නොහැකි බැවින් බදු සහන අහෝසි කළ යුතු බව මූල්‍ය අරමුදල විසින් කරන ලද නිර්දේශයේ සඳහන්ය. ඒ අනුව මෙතෙක් ආයෝජකයන්ට ලබා දෙන ලද තීරු බදු සහ රේගු බදු සහන ඉවත් කිරීමට සිදුවනු ඇතැයි දැනගන්නට තිබේ.

ඒ අතර ශ්‍රී ලංකාවට තරගයක් දීම සඳහා මාලදිවයින විසින් කටාර් රාජ්‍ය අනුග්‍රහයෙන් මේ ආකාරයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. සියලු‍ බදු සහන සහිතව ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය සඳහා කටාර් රාජ්‍යය ඇමෙරිකානු ඩොලර් කෝටි 800 ක් ආයෝජනය කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00