I ගයාන් ගාල්ලගේ
රජය මගින් බලපත්‍ර සහිතව ලබාදුන් ගිනිඅවි 42 ක් නැවත ලබා නොදීම සම්බන්ධයෙන් පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යංශය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.
වර්තමාන රජය පැමිණි පසුව ගිනිඅවි නැවත ලබා දෙන ලෙස කීවත් ගිනිඅවි 1500කට ආසන්න සංඛ්‍යාවක් ලැබුණත් ගිනිඅවි 42 ක් නැවත හමුවී නැති බව සඳහන් වේ. කෙසේ වෙතත් මෙම පුවත සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පසුගියදා රූපවාහිනී දේශපාලන සාකච්ඡාවකදී තහවුරු කළේය.