ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I
මෙලෙස ගෙවීම් අඩු කළහොත් තම ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටීමකට ලක්වෙන හෙයින් වට්ටම අඩු නොකරන ලෙසට ලංකා අයි.ඕ.සී සමාගමට උපදෙස් දෙන ලෙසට ඉන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව එතෙක් ගෙවන ලද 3% ක වට්ටම වෙනුවට ලෝඩ් 15 ක් සඳහා (ලෝඩ් එකක් යනු ලීටර් 6600 ක බවුසරයකි) ලීටරකට රුපියල් 6.96 ක් සහ ලෝඩ් 15ට වඩා වැඩි වූ විට ලීටරයකට රුපියල් 5.42 ක මුදලක් ගෙවීමට තීරණය කිරීමත් සමඟ ඉන්ධන බෙදුම්කරුවෝ දැඩි අර්බුදයකට මුහුණ පෑහ. සේවක වැටුප්, විදුලි බිල්, ජල බිල්, නඩත්තු කටයුතු සඳහා 5.7% ක් සහ 18% ක් වැට් බදු ද ගෙවිය යුතු වන්නේ මෙම මුදලින් බවත් ඒ අනුව තවදුරටත් තම ඉන්ධන බෙදුම්හල් පවත්වාගෙන යා නොහැකි බවටත් ඔවුහු ප්‍රකාශ කරති.
සයිනොපෙක් සහ ආර්.එම්. පාක් යන සමාගම් තවමත් 3% වට්ටම ගෙවන අතර තමන්ට මෙතෙක් ලබා දුන් 3% වට්ටම වෙනුවට ලීටරයක් සඳහා ගෙවීමට තීරණය කර ඇති මුදල යම් ප්‍රමාණයකින් ඉහළ දමා දෙන ලෙසටත්, එය ස්ථාවර අගයක පැවතිය යුතු බවටත් තෙල් බෙදුම්කරුවන් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඒ සඳහා යම් සහනයක් ලබාදීමට ඔහු පොරොන්දු වී ඇති බවත් ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.