2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

නීතිපති නියෝගය නැවත කැඳවූයේ නැහැ - නීතිපති දෙපාර්තමේන්තුව

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 118

අධිකරණ වාර්තාකරු I

ඝාතනය වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියැදුරකු පැහැරගැනීමට තැත් කිරීමේ සිද්ධියට අදාළව පොලිසිය නීතිපතිවරයාට අලුත් වාර්තාවක් පසුගියදා ඉදිරිපත් කළේය. 

මෙහිදී සිදුකර ඇත්තේ නැවත දැනුම්දෙන තුරු නීතිපතිවරයා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම කල් දැමීම පමණි. කිසිසේත්ම එම නියෝගය අත්හිටුවා හෝ නැවත කැඳවා නැති බවද නීතිපති දෙපාර්තමේන්තු ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරි නඩු දිනයේදී සමස්ත කරුණු දැක්වීමක් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.