2025 ජනවාරි 18 වන සෙනසුරාදා

ඇපැල් උසාවි සභාපති විශ්‍රාම පූර්ව නිවාඩු යයි

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 182

අධිකරණ වාර්තාකරු I

ලබන ජූනි මාසයේදී විශ්‍රාම ලැබීමට නියමිත අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා මෙම මස අවසානයේ සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

එහෙත් ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්නොවන අතර ජූනි මාසය දක්වා විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඉන්පසු විශ්‍රාම ලබනු ඇත. ඒ අනුව සභාපති විනිසුරුවරයා විශ්‍රාම ලබන තෙක් අභියාචනාධිකරණයේ වැඩ බැලීම සඳහා දැනට අධිකරණයේ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු ජනාධිපතිතුමන් විසින් පත් කරනු ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.