2025 ජනවාරි 18 වන සෙනසුරාදා

ලංකාවේ පත්තු වෙන්නේ ඩුබායි තුවක්කු

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 152

ගයාන් ගාල්ලගේ I

තැන තැන සිදුවෙන පාතාල වෙඩි තැබීම්වලට මූලික හේතුව ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පාතාලයන් අතර පවතින මත්ද්‍රව්‍ය ව්‍යාපාර ගැටලු‍ බව බුද්ධි අංශ වෙත වාර්තා වී තිබේ. පාකිස්ථානයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අසත්‍ය තොරතුරු දෙමින් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට ඉඩ ඇහිරීම්, ඩුබායි රාජ්‍යයේ සාදවලදී ඇතිවන බහින් බස්වීම්, ලංකාවේ ආරෂක අංශ වෙත තොරතුරු ලබාදීම් සහ ප්‍රදේශවල නායකත්වය සම්බන්ධයෙන් ඇතිවන අවුල් නිසා ඔවුන් ඩුබායි රාජ්‍යයේ ගහමරා නොගෙන එම තරහ ලංකාවේ ගෝලයන් ලවා සිදුකර ගැනීම මූලික ප්‍රශ්නය වී ඇති බව සඳහන් වේ. 

මෙම ගැටලු‍ නිසා දෙපාර්ශ්වයන්හි වෛර පිරිමැසීම සිය ගෝලයන් ලවා සිදුකර ගැනීම ආරම්භ කර ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ සිදු කරමින් පවතින බව සඳහන් වේ.