2025 ජනවාරි 18 වන සෙනසුරාදා

රටේ උද්ධමනය මේ වසරේදී ඉහළ යාවි - මහ බැංකු අධිපති බී.බී.සී.යට කියයි

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 147

ව්‍යාපාරික වාර්තාකරු I

මෙම වසරේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බවත් එහි අනුපාතය 5% ක මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්‍රිතාන්‍ය ගුවන්විදුලියට (BBCයට) ප්‍රකාශ කළේය.

එසේම දැනට ඍණ මට්ටමේ පවත්නා උද්ධමන අනුපාතය මෙම වසර මැද භාගය වන විට ධන මට්ටමට පත්විය හැකි බවද හෙතෙම අවධාරණය කර තිබේ. පසුගිය දෙසැම්බරයේ උද්ධමන අනුපාතය ඍණ 1.7 ක් ලෙස වාර්තා විය.

ඒ අතර මහ බැංකු අධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටේ පොලී අනුපාත තවදුරටත් අඩු කරන බවය. ඒ සමඟ වෙළෙඳපොළට සහ මහජනතාවට මගපෙන්වීම සඳහා නව විනිමය අනුපාතයක් හඳුන්වා දෙන වග ද සඳහන් කර ඇත. ඒ සමඟ රජය සමඟ ජනතාව කරන ගනුදෙනු පහසු කිරීමට ඩිජිටල් ගෙවීමේ වේදිකාව ක්‍රියාත්මක කරන්නට අදහස් කරන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබේ.