2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය නැංවීම අයවැයෙන්! - ඇමැති බිමල් රත්නායක

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 187

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලී ප්‍රතිශතය 5% කින් ඉහළ දැමීමට අදාළ යෝජනාව ඉදිරි අයවැයට ඇතුළත් වන බව සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අමාත්‍ය රත්නායක එම ප්‍රකාශය සිදු කළේ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය අඩුකිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය. පසුගිය සතියේ දේශය පුවත්පතේ මුල් පිටුවේ ප්‍රමුඛ පුවතකින්ද මෙම ප්‍රශ්නය මතු කළේය.

වත්මන් ආණ්ඩු පක්ෂය බලයට පත්වීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වූයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සාමාන්‍යයෙන් ගෙවන පොලියට අමතරව තවත් 5% ක අමතර ගෙවීමක් සිදු කරන බවය.