2017 ජුනි 24 වන සෙනසුරාදා

මහින්ද පාකිස්තාන ජනපති හමුවෙයි

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 139


පකිස්තානයේ සිව්දින නිලසංචාරයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට ජනාධිපති මව්නූන් හුසේන් මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවක නිරත වූ බව දේශයට වාර්තා වෙයි.

පාකිස්තානයේ ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දේශනයක් සඳහා එහි ගිය රාජපක්ෂ මහතාට තමන් හමුවන ලෙස පකිස්තාන ජනාධිපතිවරයා ඇරියුම් කර තිබුණි. 

රාජපක්ෂ මහතා සහ පකිස්ථාන ජනාධිපතිවරයා අතර ජනාධිපති නිල නිවෙසේදී පැවති සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා ගැන මෙන්ම සාක් කලාපීය දේශපාලන තත්ත්වය සම්බන්ධවත් සාකච්ඡා කෙරිණ.

| සංජීවිකා සමරතුංග