2017 ජුනි 24 වන සෙනසුරාදා

මැති ඇමැති 28ක් ජනපතිගේ කතාව නවත්වයි!

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 379


පාර්ලිමේන්තුවේ මැති ඇමැතින් 28 දෙනෙක් මේ දිනවල විදේශගත වී සිටිතියි රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී අනාවරණය වී තිබේ.

පසුගිය සඳුදා ශ්‍රීල.නි.ප. හා එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ඒකාබද්ධ කණ්ඩායම් රුස්වීමක් ජනාධිපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් ජනපති කාර්යාලයේදී පැවැත්විණි.එම ඒකාබද්ධ රැස්වීමේදී පවත්නා දේශපාලන ප්‍රශ්න, ව්‍යවස්ථා සංශෝධනය සහ ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන ජනාධිපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් කරන බව කල්තබා ප්‍රකාශ කර තිබුණි. එහෙත් රැස්වීමේ ඝනපූර්ණය අඩුවූ විට ඒ ගැන සොයා බැලීමේදී මැති ඇමැතින් 28 දෙනකු විදේශගත වී ඇතැයි අනාවරණය විය. ඒ නිසා ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය පසුවට කල් තැබූ බවද දේශයට වාර්තා වෙයි.

I සංජීවිකා සමරතුංග