2017 ජුනි 24 වන සෙනසුරාදා

අස්ගිරියෙන් තවත් රතු එළියක්

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 223


රටේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන සංරක්ෂණය කොට සුරක්ෂිත කිරීම පසෙක තබා ඒවා සංචාරක පාරාදීස බවට පත් කිරීමට රජයේ දේශපාලන බලධරයන් ගෙන යන වැඩපිළිවෙළ වහා නතර කළ යුතු බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමියෝ පවසති.

අස්ගිරි මහ නාහිමියන් ප්‍රුමුඛ කාරක මහා සංඝ සභාවේද අනුමැතිය ඇතිව තමන් මෙම ප්‍රකාශය කරන බව පැවසූ මංගල මාහිමියෝ මෙම සිද්ධස්ථාන නඩත්තුව සඳහා බෞද්ධ පින්වතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග පවා සියුම් ලෙස රජයට අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක යැයි ද සඳහන් කරති.

දැනට අස්ගිරි මහා විහාර පාර්ශ්වය විසින් පාලනය කරන රංගිරි දඹුලු විහාරය සූක්ෂම ලෙස රාජයේ පාලනයට නතු කරගැනීම සඳහා ආණ්ඩුවේ බලධරයකු ගෙන යන වැඩපිළිවෙළ හෙළාදකින බව කී ලේඛකාධිකාරී හිමියෝ රජයේ බලධරයන් පන්සල් පාලනය ගෞරවනීය සංඝරත්නයට බාරදිය යුතු යැයි අවධාරණය කළහ. මෙම කරුණු නොසලකා යමෙකු ඉදිරියටත් ක්‍රියා කරන්නට ගියහොත් මෙයට වඩා දැඩි පියවරක් ගන්නට සිදුවන බවද උන්වහන්සේ පැවසූහ.

I ජේ.ඒ.එල්. ජයසිංහ