2024 අගෝස්තු 30 වන සිකුරාදා

කරණම් ගැසූ මන්ත්‍රී සෙට් එකත් දැන් හොල්මං

 2024 අගෝස්තු 30 වන සිකුරාදා, ප.ව. 02:00 107

ගයාන් ගාල්ලගේ

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් විසින් ප්‍රතිඥා දුන් ඇතැම් පොරොන්දු ඉටු නොවීම නිසා සිදුවීමට ගිය ප්‍රබල පක්ෂ මාරුවීම් රැසක් මේ වනවිට නැවතී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එසේම මේ වන විට විවිධ ප්‍රතිලාභ සහ පොරොන්දු මත පක්ෂ මාරු කිරීම් සිදු කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නිශ්ශබ්දව සිටින බවත් නැවත ඔවුන් සිටි කණ්ඩායම වෙත එකතුවීමටත් උත්සාහ දරමින් සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.

පක්ෂ මාරු කිරීම සඳහා එකඟ වූ ඇතැම් මන්ත්‍රීවරුන් දුරකථන අංක පවා වෙනස් කර ඇති බව දැනගන්නට ඇත. කෙසේ වෙතත් නැවත දේශපාලනය නොකිරීමට බහුතර පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.