2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

පොලිස්පති අර්බුදය නීතිපති වෙතට!

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:01 222

දේශපාලන වාර්තාකරු I

වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් හටගෙන ඇති නීතිමය ව්‍යාකූලත්වය ගැන ජනාධිපතිවරයා සහ කතානායකවරයා නීතිපතිවරයාගෙන් ලිඛිත උපදෙස් ඉල්ලා ඇතැයි දේශයට වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කතානායකවරයා විශේෂ ලිපි දෙකක් නීතිපතිවරයා වෙත යොමුකර තිබේ. එමගින් ප්‍රශ්න ගණනාවක් විමසා ඇත.

ප්‍රකාශිත නඩු තීන්දුව අනුව මැතිවරණ සමයේ ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කළ හැකිද? ව්‍යවස්ථා සභාව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට ගත් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට අහෝසි කළ හැකිද? යන කාරණා මෙම ලිපි මගින් විමසා ඇතැයි වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ අතර මැතිවරණ කොමිෂන් සභාව ද ජනාධිපති ලේකම්වරයාට ලිපියක් ලියමින් වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ඉල්ලීමක් කර තිබිණි.

මේ විමසීම් ගැන නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉතාම ඉක්මනින් මෙම නීතිමය ගැටලුව නිරාකරණය කරගත හැකි ආකාරය ගැන අදාළ අංශවලට නීති උපදෙස් සපයන බවය.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01