2024 ජුනි 15 වන සෙනසුරාදා

හිටපු ජනපති මෛත්‍රීගෙන් ලෝක වාර්තාවක්

 2024 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 02:01 270

ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය කාලයේ රුපියල් දසකෝටි තිස් ලක්ෂයක් (රුපියල් මිලියන 103) වන්දි ගෙවීමට සිදුව ඇතැයි බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) වාර්තා කළේය.

එම වාර්තාව අනුව වැඩිම වාර ගණනක් මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිසා දඬුවම් විඳි එකම ජනාධිපතිවරයා සිරිසේන මහතාය. ඔහු එවැනි නඩු තුනකින් වැරදිකරු වී ඇති අතර නඩු දෙකක වන්දිය ලෙස රුපියල් දස කෝටි තිස් ලක්ෂයක් නියම කර ඇත.

වසර 2018 දී නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩුව, පාස්කු ප්‍රහාර නඩුව සහ ජූඩ් ශ්‍රමන්ත ජයමහට සමාව දීමේ නඩුව යන නඩු තුනෙන් දෙකකදී මෙම වන්දිය නියම විය.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00