2024 ජුනි 01 වන සෙනසුරාදා

සමාජ ජාලා අයි.එස්. සබඳතා සොයයි

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

ගයාන් ගාල්ලගේ I

අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස විසින් හෙළි කළ තොරතුරුවලට අනුව මේ රටේ ක්‍රියාත්මක වන ඇතැම් සමාජ ජාලා කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

මේ අනුව වට්ස්ඇප් ග_ප්, ටෙල්ග්‍රෑම් ග_ප්, වයිබර්, මැසේන්ජර් ආදී සමාජ ජාලාවල සමූහ වශයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බැලීම සිදුවනු ඇත.

විශේෂයෙන් අන්තවාදී ආගමික ප්‍රචාර සිදුකරමින් ඇතැම් කණ්ඩායම් සාමූහික වශයෙන් එක්රැස් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01