2024 ජුනි 01 වන සෙනසුරාදා

කෝටි 60ක සීටී ස්කෑන් මගඩියක්!

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:03 106

සුගත් කුලතුංගආරච්චි I

කෝටි 60කට වැඩි වටිනාකමක් ඇති සීටී ස්කෑන් යන්ත්‍ර 3ක් මිලදී ගැනීමේ ටෙන්ඩර ක්‍රියාදාමය යට අන්ඩරයක් පැවැතිය හැකි බවට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පෙන්වා දෙයි.

නාවලපිටිය, දඹුල්ල සහ කුලියාපිටිය යන රෝහල් සඳහා සුදුසු CT යන්ත්‍ර 3ක් එකක් කෝටි 20කට අධික  මිලක් ගෙවා ගැනීමට පියවර ගෙන තිබේ. මේ සඳහා ඒවායේ යෝග්‍යතා සොයා බැලීමට දෙවැනි වර පත්කළ තාක්ෂණ ඇගයීම් කමිටුවට අනිවාර්යයෙන්ම සිටිය යුතු වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදියකු පත් නොකිරීම නිසා මෙම ගනුදෙනුවේ සැක සහිත බවක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා තාක්ෂණික ඇගැයීම් කමිටුවලට අනිවාර්යයෙන්ම විකිරණ තාක්ෂණ නිලධාරියකු සම්බන්ධ කර ගන්නා ලෙස නියෝග කර තිබියදීත් එම මුල් කමිටුවේ සිටි නිලධාරියා නැතිව දෙවැනි කමිටුව පත්කිරීම සැක සහිත බව ඔවුහු පෙන්වා දෙති. පසුගිය කාලයේ සිදුවූ නුසුදුසු යන්ත්‍ර සහ අවශ්‍යතාවට නොසරිලන යන්ත්‍ර මිලට ගැනීමේ දූෂිත ටෙන්ඩර මෙන් මෙම ටෙන්ඩරය යට ද තිබිය හැකි අනිසි ගනුදෙනුවක් වේදැයි සොයා බලන ලෙස ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. 

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01