2024 ජුනි 01 වන සෙනසුරාදා

ජනමත විමසුමකින් ඡන්ද කල්දැමීම: එ.ජා.ප මහලේකම්ගෙන් රහස් හෙළිදරව්වක්

 2024 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 208

ගයාන් ගාල්ලගේ I

ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් වසර දෙකකින් කල් දමා ජනමත විචාරණයක් පැවැත්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට තමන් විසින් සිදු කළ ප්‍රකාශයේ සියලු රහස් සඳුදා (හෙට) හෙළිදරව් කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා දේශයට පැවසීය. එම සිදුවීම සම්බන්ධයෙන් දේශය කළ විමසුමකදී රංගේ බණ්ඩාර මහතා මෙලෙස පැවසීය.

තමන්ට මේ මොහොතේ මාධ්‍යයට කිසිවක් කිව නොහැකි බවත් එහෙත් සියල්ල සඳුදා හෙළිදරව් කරන බවත් හෙතෙම කීය.

පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් සිදු කළ එම ප්‍රකාශය හේතුවෙන් රටේ දේශපාලනය තුළ මහත් කැළඹීමක් ඇතිකළ අතර ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර සිටියේ එය ඔහුගේ පෞද්ගලික අදහසක් වන බවය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ නියමිත පරිදි ජනාධිපතිවරණය මේ වසරේ පවත්වන බවයි.

 

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00