2024 මැයි 25 වන සෙනසුරාදා

බදු පොල්ල කෝටි ලක්ෂය පනී

 2024 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 147

යසවර්ධන රුද්රිගූ I

මෙරට විවිධ සමාගම්, ආයතන හා පුද්ගලයන් 2023 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා හිඟ හිටුවා ඇති මුළු බදු මුදල රුපියල් කෝටි 106,608ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. රුපියල් කෝටියකට වැඩි මුදල් ගෙවීම පැහැර හැර ඇති සංඛ්‍යාව 4479ක් බව එම වාර්තාවේ සඳහන්ය. රුපියල් කෝටියේ සිට කෝටි 1 ½ දක්වා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති සංඛ්‍යාව 3108 කි. මද්‍යසාර නිෂ්පාදනය කරන සමාගම් 28ක්ද මෙයට ඇතුළත්ය.

මෙයින් වැඩි මුදලක් අයවීමට ඇත්තේ දේශීය ආදායම දෙපාර්තමේන්තුවට වන අතර එම මුදල කෝටි 105,600ක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසයි. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළව හිඟ බදු නඩු 350ක් අධිකරණවල විභාග වෙමින් පවතින අතර, රජයේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල අභියාචනා 2934ක් සහ බදු කොමිෂන් සභාවේ අභියාචනා 1505ක්ද විභාග වෙමින් පවතින බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00