
ජනාධිපතිවරයා විසින් අමාත්‍යංශ තුනක් සඳහා පත් කරන ලද ලේකම්වරුන් තමන් විසින් ප්‍රතික්ෂේප කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු තිදෙනකු විසින් ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරු මෙසේ ස්වකීය ලේකම්වරුන් භාරගැනීම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරුන් අතර සිටිතියි දැනගන්නට ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා උදය සෙනවිරත්න මහතාද, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහා පී.එස්. විතානගේ මහතාද, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යංශය සඳහා ශිරානි වීරකෝන් මහත්මියද පත් කරනු ලැබ සිටියහ.
අමාත්‍යවරුන්ගේ විරෝධය නිසා නව ලේකම්වරුන් එකී අමාත්‍යංශවල වැඩ භාරගෙන නැත. නව ප්‍රවාහන ලේකම්වරයාට එරෙහිව අමාත්‍යංශයේ නිලධාරිහු පිරිසක්ද උද්ඝෝෂණය කළහ.
I දේශපාලන වාර්තාකරු