2024 මැයි 18 වන සෙනසුරාදා

සජබ ජ්‍යෙෂ්ඨයෝ ඇමැති පට්ටම් ගැන දැන් සිටම විමසති

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:03 279

දේශපාලන වාර්තාකරු I

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය බලයට පත්වුවහොත් කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂයන් බෙදෙන ආකාරය ගැන ස.ජ.බ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් විමසීමට එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක් තීරණය කර ඇත. මෙහිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට සාධාරණයක් ඉටුවිය යුතු බව මන්ත්‍රී පිරිසගේ මතය වී තිබේ.

මෙම මන්ත්‍රී පිරිස පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුගේ කාර්යාලයේදී පසුගියදා රැස්වීමක් පවත්වා තිබේ. එහිදී පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. පක්ෂයෙන් ඉවත් වීමට හෝ ස්වාධීන වීමට මෙහිදී මන්ත්‍රීවරුන් තීරණයක් ගෙන නැත.

අප වෙත වාර්තා වන ආකාරයට ස.ජ.බ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් 8 දෙනකු මෙම හමුව සඳහා එක්වී තිබෙන බව සඳහන්ය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01