2024 මැයි 11 වන සෙනසුරාදා

අපේක්ෂකයෝ අද නොවේ හෙට

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 34

ආරක්ෂක වාර්තාකරු I

මෙතෙක් ජනාධිපති ධූර අපේක්ෂකයන් ප්‍රකාශයට පත්කර නැති ප්‍රධාන පක්ෂ ගණනාවක් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීම ජූලි මාසය දක්වා කල් දමා තිබෙන බව වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තම අපේක්ෂකත්වය පිළිබඳ තීන්දුව ජූලි මස රටට ප්‍රකාශ කරන බවය.

ඒ අනුව පොහොට්ටුවද ඉදිරි ජනාධිපතිවරණය සඳහා තම පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳ නිවේදනය කිරීම ජූලි මාසය දක්වා කල් දමා ඇතැයි වාර්තා වෙයි. මේ හැර තවත් කුඩා පක්ෂ ගණනාවක්ද තම ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ නිවේදනය කිරීම කල් දමා ඇතැයි සඳහන්ය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01