2024 මැයි 04 වන සෙනසුරාදා

ඇපැල් උසාවි - ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු 7ට නගී

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

අධිකරණ වාර්තාකරු I

මේ මස හමාර වනවිට අභියාචනාධිකරණයේ (ඇපැල් උසාවිය) පුරප්පාඩු 5ක් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 2ක් සමඟ මෙරට උපරිමාධිකරණයේ පුරප්පාඩු සංඛ්‍යාව 7ක් බවට පත්වෙයි.

දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 2ක් තිබේ. එසේම අභියාචනාධිකරණයේ පුරප්පාඩු 3ක් තිබේ. මෙම මස අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 2 දෙනකු විශ්‍රාම ලැබීමත් සමඟ එම පුරප්පාඩු සංඛ්‍යාව 5ක් බවට පත්වෙයි.
ශ්‍රේෂ්ඨාධිකරණ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් දැනට අධිකරණ නියෝගයක් පනවා තිබේ. එහෙත් අභියාචනාධිකරණ පුරප්පාඩු සම්බන්ධයෙන් එවන් තත්ත්වයක් නැත.

කෙසේ හෝ ඇපැල් උසාවියේ පුරප්පාඩු සංඛ්‍යාව ඉහළ යාම නඩු පමාවට ඍජුව බලපාන බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01